නිරූපණ ක්ෂේත්රයේ නවකයෙකු වුවත් ඇය මේ වනවිට තම රටට ගෞරවයක් ගෙන දී හමාරය. 2016 World Miss University තරගයෙන් 06 වැනි ස්ථානයට පත් ඇය ප්‍රමෝදි කෞශල්‍යාය. මේ වනවිට ගීතමය රූප රචනා තුළින් ප්‍රේක්ෂක ආදරයට පාත්රවී ඇති ඇය නිවේදිකාවක ලෙසද කටයුතු කරන්නීය. ඒ පිළිබඳව සහ ඇගේ අනෙක් තොරතුරු පිළිබඳව "සාරවිට" සමග මෙසේ පැවසුවාය.
"2016 World Miss University තරගයෙන් 06වැනි ස්ථානයට පත්වූ ලංකාව තුළ ඒ කියන්නේ නිරූපණ ක්ෂේත්රය තුළ මාව දැන් ගොඩක් දෙනා හඳුනනවා. ඒ මගින් ආරාධනාවක් ලැබිලා මියුසික් වීඩියෝවක් සඳහා දායක වුණා. ඊට අමතරව තවත් මියුසික් වීඩියෝවක් සඳහා දායක වෙන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඊට අමතරව ෆොටෝ ෂූට් වගයක් හම්බවෙලා තියෙනවා. Style Tv කියලා අන්තර්ජාල රූපවාහිනි ආයතනයක නිවේදිකාවක වශයෙන් කටයුතු කරනවා. ඉදිරියේදී ඔවුන් ඒක ව්‍යාප්ත කිරීමට සූදානමින් ඉන්නේ. තව, දායක වුන මියුසික් වීඩියෝ එක ගැන කිව්වොත් ඒ කෙනා අලුත් කෙනෙක්. ඉදිරියේදී එන්න තියෙන මියුසික් වීඩියෝ "ඒ ටියුන්ස්"ලාගේ මියුසික් වීඩියෝවක්. දැනට මම රැකියාවක නිතර වෙන ගමන් තමයි මේ දේවල් සඳහා දායක වෙන්නේ. ඉදිරියේදී වෘත්තීම වශයෙන් නිරූපිකාවක වෙන්න බලාපොරොත්තු වෙනවා"
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - ප්‍රමෝදිගේ ෆේස්බුක් ගිණුම