අංජු හිමායා 'ප්‍රෙග්නන්ට්' වෙලා


2016-07-25-ent-47

නිවේදිකාවක්, රංගන ශිල්පිනියක ලෙස බොහෝ රසික පිරිසක් අතර ජනප්‍රිය අංජු හිමායා මේ දිනවල ගැබී ගෙන ඇති පුවතක් වාර්තා වේ. කරුණු සොයා බලද්දි ඇය මෙසේ ගැබී ගෙන ඇත්තේ මේ දිනවල අතිශය ජනප්‍රිය දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍යය ඇය රංගනයෙන් දායක වන "නිකිණි" චරිතය වෙනුවෙනි. මේ ඇය "සාරවිට" අපිට ඒ පිළිබඳව දැක්වූ අදහස්.

"මේ දිනවල විකාශය වෙන "දේදුන්නයි ආදරේ" ටෙලිනාට්‍යයේ "නිකිණි" කියන චරිතයට පණ පොවන්නේ මම. චරිතයට හැටියට ඇය දැන් ගැබිනියක් වෙලා. පළමු වතාවට තමයි මම මෙවැනි චරිතයකට පණ පොවන්නේ. ඉතින් ටිකක් විතර මේක අභියෝගාත්මක වුණා රංගනයේ යෙදෙන්නේ. "දේදුන්නයි ආදරේ" ටෙලිනාට්‍යය අමතරව මම පසුගිය කාලෙ රූපගත කිරීම් කටයුතුවලට දායක වුණ "සාම" චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගියදා අවසන් වුණා. "රාස්ස කැලේ" චිත්‍රපටයෙන් පසුව මා රංගනයෙන් දායක වෙන දෙවැනි සිනමා නිර්මාණය මේක.

මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන භූමිකාව තමයි මම නිරූපණය කරන්නේ. මෙම චිත්‍රපටය පන්සිය පනස් ජාතක කතා අතරින් එකක්. ඉතින් වෙනස්ම අත්දැකීමක් මෙහි රූපගත කිරීම්වලදී මම ලැබුවා. මෙහි සියලු රූපගත කිරීම් කටයුතු තිබුණේ නුවර දිගන ප්‍රදේශයේ. චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ආරාධනා කළේ මෙහි නිෂ්පාදකවරයා වන උදාර පල්ලියගුරු. ඔහු මගේ හොඳ මිතුරෙක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ගයාන් චානක මුහන්දීරම්."