අක්මා සැත්කමට උදව් ඉල්ලයි


අම්බලන්ගොඩ , කෙරමිණිය අංක 345 / 1 හි පදිංචි ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (සීඊසීබී) සේවය කරමින් සිටියදී හදිසියේ රෝගාතුර වූ ජී.එච්.නිහාල් ධර්මසිරි (අවුරුදු 55) මහතාට කඩිනමින් අක්මා බද්ධ කිරීමේ සැත්කමක් කළයුතු බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය සුජීව කුමාරසේන මහතා නිර්දේශ කර ඇත.

ඉන්දියාවේ චෙන්නායි නුවර  ‘ග්ලෝබල් හොස්පිටල්‘  හි සිදුකිරීමට නියමිත මෙම සැත්කම සඳහා රුපියල් ලක්ෂ 120 ක මුදලක් වැයවන අතර ඒ සඳහා වත්කමක් තමන්ට නොමැති හෙයින් පරිත්‍යාගශීලීන් වෙතොත් මෙම මුදල් සපයා ගැනීම ආධාර උපකාර ලබා දෙන්නැයි ධර්මසිරි මහතාගේ පවූලේ ඥාතීහු ඉල්ලා සිටිති.මුදල් ආධාර කිරීමට කැමති පිරිස් වෙතොත් 071/8202870 යන දුරකථන අංකයට හෝ කේ.සී.ද.ඒ විජේසිංහ මහත්මිය (බිරිඳ) නමින් යුතු ලංකා බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාවේ අංක 78897061 දරණ ගිණුමට බැර කරන මෙන් ඔවූහු ආයාචනය කරති.

NIHAL-DHARMASIRI