අකුණ අලි පවුලක් ඉවර කරයි


විල්පත්තුව වනෝද්‍යානයට මායිමේ විලච්චිය කිරල්පැටියාවේ දී අලි මවක හා පැටවුන් තිදෙනකු අකුණු සැර වැදී මිය ගොස් ඇතැයි උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා කියයි.

මරණ පරීක්ෂණය සඳහා වනජීවී පශූ වෛද්‍ය චන්දය ජයසිංහ මහතා එම ස්ථානයට ගොස් සිටී.

අද උදෑසන අසල හේනකට යමින් සිටි ගම්වැසියෙකුට අධික දුරුගන්ධයක් දැනී සිදුකළ විපරමකදී එකම ස්ථානයක මියගොස්සිටි වනඅලින් හතරදෙනෙකු දැක මහවිලච්චිය වනජීවි බීට්ටු කාර්යාලයට දැනුම් දීමට පියවරගෙන තිබේ.   

මේ අනකුර පෙරේදා සිදුවන්නට ඇතැයි සැක කරයි.

IMG_4158 IMG_4164 IMG_4170 IMG_4174