(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාපට් තලන යන්ත්‍රයක් ලොරියක පටවා ප්‍රවාහනය කරමින් තිබියදී බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රී සිදු වූ අනතුරකින් දුරකථන කණු රැසකට හානි සිදුවී යතුරුපැදි කරුවෙකු ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
මෙම අනතුර හේතුවෙන් දුරකථන කණු සහ මාර්ගය හරහා රැහැන් කඩා වැටීම හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් බණ්ඩාරගම අලෝතියාව සිට අටලුගම මාර්ගය වාහන ධාවනයට දැඩි බාධා සිදුවිය.
අලෝතියාව අටලුගම මාර්ගය කාපට් යොදා සංවර්ධනය කරන අතර එන්ජිමේ දෝෂයකට ලක්ව අලුත් වැඩියා කටයුතු සිදුකිරීමෙන් අනතුරුව කාපට් තලන යන්ත්‍රය ලොරියක පටවා බණ්ඩාරගම සිට අටලුගමට ප්‍රවාහනය කරමින් සිටියදී කාපට් තලන යන්ත්‍රයේ ඉහළ කොටස මාර්ගය හරහා ඇද තිබෙන දුරකථන රැහැන්වල ගැටීමත් සමගම දුරකථන කනු හා රැහැන් කැඩී මාර්ගය හරහා වැටී ඇතැයි පොලිසිය කියයි.