
(අංජුල මහික වීරරත්න)
ආසියා පැසිෆික් කලාපීය වටිනාකම් ස්වේච්ඡා උප කමිටුවේ (Value Volunteer Sub-Committee) සභාපති ලෝක බාලදක්ෂ කමිටුවේ හිටපු සාමාජික සහ ශ්රී ලංකා බාලදක්ෂ සංගමයෙහි හිටපු ප්රධාන කොමසාරිස් නීතිඥ ජනප්රිත් ප්රනාන්දු මහතා මියන්මාර බාලදක්ෂයින්ගේ 110 වන සංවත්සර උත්සවයට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී විය. යැන්ගොන්හි පාර්ක් රෝයල් හෝටලයේදී මෙම සැමරුම් උත්සවය පැවැත්විණි.
එයට ආසියා පැසිෆික් කලාපීය බාලදක්ෂ නිලධාරීන්, මියන්මාර බාලදක්ෂ නිලධාරීන්, රාජ්ය තාන්ත්රිකයින්, බාලදක්ෂයන් සහ නායකයෝ සහභාගී වූහ. සැමරුම් උත්සවය අතරතුර මියන්මාර ප්රධාන කොමසාරිස් සහ අධ්යාපන අමාත්යාංශයේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ටින් මියෝ මහතා වෙත ජනප්රිත් ප්රනාන්දු මහතා සමරු තිළිණයක් ප්රදානය කරන ආකාරය ඡායාරූපයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd