අතුරුදන්වූවන්ගේ කාර්යාලය ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ


අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (අපිකා) ගැන ජනතාව දැනුම්වත් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය වාර්තා නිවැරැදි කිරීමේ වැදගත්කමත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති  ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සඳහන් කරයි.

ඇය මේ බව සඳහන් කරනුයේ එම කාර්යාලයය පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණ රජයට ලබා දෙමිිනි.

අතුරුදන්වූවන්ගේ පවුල්වලට තොරතුරු සැපයීමට එම කාර්යාලය කටයුතු කළ යුතු බව පෙන්වාදෙන මානම හිමිකම් කොමිසමේ සභාපතිනිය අතුරුදන්වූවන්ගේ පවුල්වලට ඊට ප්‍රවේශවීමේ හැකියාව සුරක්ෂිත කළ යුතු බව ද සඳහන් කරයි. 

කාර්යාලයේ කාර්යක්ෂතාම රඳා පවතින්නේ ඊට වෙන් කරන මූල්‍ය ප්‍රතිපාදන මත බවද කාර්යාලයට සුදුසුකම් සහිත කැපවීමෙන් කටයුතු කළ පිරිසක් බඳවා ගැනීමේ අවශ්‍යතාව ද ඇය පෙන්වා දී ඇත. 

මෙරට සියලු පාර්ශව හා රටේ සියලු කලාප නියෝජනය වන පරිදි අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සාමාජික සාමාජිකාවන් පත් කළ යුතු බව ද උඩගම මහත්මිය සඳහන් කරයි. 

විනිවිදභාවය, භාෂාව, සමාජ තත්ත්ව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු බව ද ඇය කියන්නීය.