අදත් උදෙන්ම දුම්රියක් පීලි පනී


(ඩයනා උදයංගනී සහ චමිල් රූපසිංහ)

මහනුවර සිට කොළඹ කොටුව බලා අද (17) අළුයම 4.30 ට ගමන් ආරම්භ කළ අංක 1038 දරණ සීඝ්‍රගාමී දුම්රිය පේරාදෙණිය සහ පිළිමතලාව දුම්රිය ස්ථානයන් අතර දී පැනීමකට ලක් ව ඇත.

මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බධා එල්ල වී තිබේ.

කෙසේ වෙතත් කොළඹ සිට පැමිණි දුම්රිය එම ස්ථානය ළඟා වී ඇති අතර එහි ගමන් ගත් මගිහු එම දුම්රියෙන් බැස එළුගොඩට ගොස් මහනුවර බලා ගමන් ගත් අතර කොළඹ සිට පැමිණි දුම්රියෙන් බදුල්ලේ සිටි ජනතාව කොළඹ පලා ගමන් ගත්තේය.

මේ වන විට  අබලන් වු මාර්ගය මහනුවර ධාවනාගාර සේවකයන් විසින අලුත් වැඩියා කරමින් සිටින අතර අද පස්වරුව වන විට දුම්රිය මාර්ගය නැවත යථා තත්වයට පත් කල හැකි බවද එහි නිලධාරියෙක් පැවසිය.