අදත් සවස තද වැසි


(ඩයනා උදයංගනී) දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අද (15) දිනයේ ද සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශයන්හි උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා කීවේය. ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.