අධිකරණයේ ස්වාධීනත්වය ගැන එක්සත් ජාතීන්ගෙන් වාර්තාවක්


වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ  එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනාගේ මෙරට සංචාරයේ නිරීක්ෂණ පිළිබඳ මූලික වාර්තාව සහ නිර්දේශ සෙනසුරාදා (07) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

පසුගිය 29 වනදා රජයේ ආරාධනය මත අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ මහත්මිය සහ වද හිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත හුවාන් ඊ මෙන්ඩස් මහතා දිවයිනට පැමිණියේය. මෙරට රැදී සිටි කාලය තුළ එම නියෝජතයින් ශ්‍රී ලංකාවේ අධිකරණයේ  ස්වාධීනත්වය සහ වද හිංසා පැමිණවීම සම්බන්ධ මෙරට තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ නිරත වුණි.

එලෙස සිදු කළ නීරීක්ෂණයන් ඇසුරෙන් සැකසූ මූලික වාර්තාවක් කොළඹ  පිහිටි එක්සත් ජාතින්ගේ කාර්යාලයේදී මාධ්‍යට ඉදිරිපත්  කිරීමට නියමිත යැයි ද  ආරංචිමාර්ග කියයි.