කුරුණෑගල - මහනුවර මාර්ගයේ පිලැස්ස ද්විත්ව වංගුව අසල රිය අනතුරු බහුල වීම සැලකිල්ලට ගත් මාවතගම පොලිසිය අද (8) පාරට මහාසංඝරත්නය වැඩම කරවා සෙත් පිරිත් සජ්ඣායනයක් කෙරවූහ.
එම පිරිත්වල බලයෙන් අනතුරු අවම වේවායි පිලැස්ස බෝධි මළු විහාරාධිකාරී හුණුපොළ සරණපාල හිමියෝ සිය අනුශාසනාවේ දී පැවසූහ.
මාවතගම පොලිසියේ ප්රධාන පරීක්ෂක ලලිත් සඳසිරි රථවාහන අංශයේ උප පරීක්ෂක කසුන් සුබසිංහ මහත්වරු මෙම පිරිත සංවිධානය කළහ.
මාසයක් ඇතුළත මෙම පාරේ අනතුරු පහක් සිදුවී එක් අයකු මියගොස් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
වසර කිහිපයකට පෙර කොළඹ - මහනුවර පාරේ ගම්පහ සීමාවේ රථවාහන අනතුරු අවම කරවා ගැනීමට නිට්ටඹුව පොලිසියේ පිරිසක් අලුත්ගම සතර දේවාලයේ දේව කන්නලව්වක් කළහ.