හිටපු රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නාරාහේන්පිට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ හිටප් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අගෝස්තු 03 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින රජයේ අධි නීතීඥ දිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු බලයලත් නිලධාරියෙකු වන නාගහවත්ත ආරච්චිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි. නාරාහේන්පිට හිටපු ස්ථානාධිපති ඩේමියන් පෙරේරාගේ දුරකතන ඇමතුම් සම්බන්ධව පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරන බවත් අධිකරණයට දැන්වීය.