අපි එකම පවුලක සහෝදර සහෝදරියන් වගේ


2016-08-13-ent-47

සමිතා මුදුන්කොටුවගේ දුව කවින්ද්‍යා අධිකාරිත් මේ NEXT GEN ප්‍රසංගයේදී රසිකයන් හමුවට එනවා.

කවින්ද්‍යා මොකක්ද කියන්න තියෙන්නේ මේ NEXT GEN සංගීත ප්‍රසංගය ගැන

අපි එකම පවුලක සහෝදර සහෝදරියන් වගේ මේ සියල්ල කරන්නේ. ඉතින් හරිම සතුටින් සුදානම් වෙනවා ප්‍රසංගයට. ඇත්තටම කියනවා නම් නම් මම 21 වැනිදා වෙනකම් බලන් ඉන්නේ. මොකද මමයි අම්මයි මේ වගේ ප්‍රසංගයකදී එකම වේදිකාවක ගීත ගයනා කරලා නැහැ. ඒ නිසා මට මගේ ජීවිතේ අමතක නොවන දිනයක් සහ ප්‍රසංගයක් මේ NEXT GEN සංගීත ප්‍රසංගය. වෙනස්කම් ගොඩක් එක්ක අලුත් අත්දැකීමක් ලබාදෙන්න අපි සියලු දෙනාම මේ දවස්වල NEXT GEN සංගීත ප්‍රසංගයට සුදානම් වෙනවා. මම සිංහල භාෂාවෙන් වගේම වෙනත් භාෂාවක ගීතයක් ගායනා කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් එන්න කියලා ආරධනා කරනවා අපිට ආදරය කරන හැමෝටම මේ ප්‍රසංගය බලන්න.

 

නීෂා රන්සිත් සේයාරෑ / සුමුදු