අපේක්ෂිත ඇප අයැදුම්පත විභාගයට : රහස් පොලිසියට නොතීසි


රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ   සිරුරේ කොටස් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන්නැයි මුල් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාහාචාර්ය ආනන්ද සමරසේකරගේ පෙත්සම ලබන 30 වැනි දා විභාගයට ගැනීමට නියමිතය.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ උපකුලපති ද වන සමරසේකරගේ අපේක්ෂිත ඇප ඇයදුම් පෙත්සමේ වගඋත්තරකරුවන් වන    රහස් පොලිසියේ මිනීමරුම් අංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.