අම්බලන්ගොඩ ව්‍යාපාරිකයා වෙඩි තබා මරයි.


අම්බලන්ගොඩ සුමනදාස සමුහ ව්‍යාපාරයේ හිමිකරු(53) එච්.ජී ප්‍රේමසිරි මහතා අම්බලන්ගොඩ මානිමුල්ලේ සිය  නිවස අසලදී වෙඩිතබා මරා දමා ඇතැයි පොලිසිය පවසයි. පපඩම් ව්‍යාපාරිකයෙකුද වු ඔහු සිය ජිප් රියෙන්  ගෙදර යන අතරතුරදී මෝටර් රථයකින් ආ නාඳුනන පිරිසක් වෙඩිතබා අැතැයිද වාර්ථා වේ. වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඔහුගේ දස හැවිරිදි පුතාත් ඔහු සමග සිටියත් ඔහුට  අනතුරක් වී නැතැයි පොලිසිය පවසයි. මියගිය ප්‍රේමසිරි මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි.

මෑතදී අම්බලන්ගොඩදී ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් ඝාතනයට ලක්වුහ.

(ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා)

IMG_0500 IMG_0510 IMG_0512 IMG_0512-1 IMG_0525 IMG_0554 IMG_0561