බොලිවුඩ් සිනමාව තුළ මේ දිනවල දක්නට නොමැති වුවද ඉන්දීය ටෙලිනාට්‍ය කිහිපයකම පෙනී සිටින සුරූපී අම්රිතා රාඕ පසුගියදා අප්රසිද්ධියේ සිය විවාහය සිදුකරගත් බවට ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි. ඇයගේ අතගත්තේ ඉන්දීය එෆ්.එම්. නාලිකාව සේවය කරන RJ අන්මෝල් නමැත්තාය. මෙම විවාහය පසුගිය මැයි මස 15 වැනිදා මුම්බායි නගරයේ සාමාන්‍ය හෝටලයක පැවති බව සඳහන් වන අතර, දෙපාර්ශ්වයේ පවුලේ සාමාජිකයන් හැරෙන්නට මෙම විවාහ උත්සවය සඳහා කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පැමිණීමක් සඳහන් නොවූ බව සඳහන් වේ. කෙසේ වෙතත්, සිය විවාහය පසුගියදා අම්රිතා සිය %ට්විටර්^ සමාජජාල ගිණුමේ සඳහන් කර තිබුණ අතර, බොහෝ පිරිසක් ඉන් පසුව අම්රිතා විවාහ වූ පුවත දැනගත් බව සඳහන්ව ඇත.