අමු මසුයි පිසූ කෑමයි එකට තබා දඩ කති


පිසූ ආහාර සහ අමු මස් එකට ශීතකරණයක ගබඩා කර තැබු බවටත් සනීපාරක්ෂාවට අහිතකර අයුරින් ආහාර සකස් කළ බවටත්  වරදකරු වු හෝටල්කරුවන් දෙදෙනකුට අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඩී.පියරත්න මහත්මිය රුපියල් 15000 බැගින් දඩ නියම කළාය.

අනුරාධුපර ජයන්ති මාවතේ පේ‍්‍රඩි හවුස් හෝටලයේ  අබ්දුල් කාදර් හා එස්. ආර්. එම්. රොෂාන්ට දඩ නියම විය.

අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පති බණ්ඩාර මහතා පැමිණිල්ල ගොනු කළේය.