අඹගස්වැව වඳපීදුණු ගොයමට ගිනි තබයි


(චාපා මධුභාෂිණි)

මැදිරගිරි මහ අඹගස්වැව යාය නවය එකමුතුගම ප්‍රදේශයේ කාබනික සහ දියර පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 200 පමණක් පමණ ගොයම ගොවින්  විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය.

එකමුතුගම  සමගි වැව සහ දිමුතු වැව යොජානා ක්‍රමය යටතේ වගා කළ ගොවි පවුල් 150ක පමණ පිරිසක් මෙවර කුඹුරු අක්කර 200කට ආසන්න පිරිසක් වගා කර ඇත.

ගොයමට මාස තුන හමාරක් පමණ කාලයක් ගත වුවත් එක් ගොයම් ගසක වී ඇට දෙක තුනකට වඩා නැතැයි ද ගොවීහු පවසති.

අක්කරයකින් වී ගෝනි දෙකක්වත් ලබාගත නොහැකි බව ද ගොවීහු පවසති. 

මෙවර වගාවන් සඳහා අවශ්‍ය වතුර ප්‍රමාණය ලැබුණු පොහොර නොමැති වීම නිසා මෙම ගොයම අසාර්ථක වූ බව ද ගොවීහු චෝදනා කරති.

තම වගාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නිලධාරීන් කොපමණ දැනුවත් කළත් ඒ සම්බන්ධයෙන් සොයා බලන්න නොඑන බව ද ගොවීහු පවසති.

මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය ගොවිජන සංවර්ධ නිලධාරී යූ.ජි.සී.ජී. උඩගමගේ මහතගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය.

කාබනික පොහොර සහ දියර පොහොර යොදා වගා කළ කඹුරු සියයට 100යක්ම අසාර්ථක වි තිබෙනවා. වැඩිමිලට පොහොර හොයාගෙන වගා කුඹුරු පමණක් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. අසාර්ථක වූ කුඹුරු සහ එහි අයිතිකරුවන් සම්බන්ධයෙන් තොරතුරු කෘ.ප.නි.ස නිලධාරීන් මාර්ගයෙන් එකතුකර බලධාරිනට යොමු කර වන්දි ලබාදීමට කටයුතු කරනවා.