මොරොන්තුඩුව ධම්මානන්ද විදුහලෙන් ගිය රජය කාලේ ඉවත් කළ පළවැනි ශ්‍රේණිය යළි ලබාදෙන්නැයි ඉල්ලමින් මවුපියෝ පිරිසක් අද පැය 4ක් තිස්සේ මහපාරක් අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඕ.එන්.වී.පී.මුදලිගේ මහත්මිය උද්ඝෝෂකයන්ගේ නියෝජිත පිරිසක් කැඳවා උද්ඝෝෂණය අවසන් කිරීමට සමත් වූවාය.
ඔවුන්ගේ ගැටලු ලිඛිතව දුන්නොත් එය ඉහළට ඉදිරිපත් කරන බව ඇය කීවාය. එය පිළිගත් උද්ඝෝෂකයෝ පාරෙන් ඉවත්ව ගියහ.