මේ වසරේ මැයි මස 20 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති ඕමන්ගු කුමාර්ගේ 'සර්බ්ජිත්' චිත්රපටයේ ප්රචාරක පටය පසුගිය සතිඅන්තයේදී එළිදක්වනු ලැබීය. සුරූපී අයිශ්වර්යා රායි බච්චන් සමගින් මෙහි ප්රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ රන්දීප් හුන්ඩාය.
මෙම ප්රචාරක පටය එළිදැක්වීමත් සමග සිනමා විචාරකයන් බොහෝ පිරිසක් පවසන්නේ 'සර්බ්ජිත්'හි ඇය නිරූපණය කරන "ඩාල්බීර් කෞර්' නම් චරිතය හරහා සම්මානයක් ලැබීමට අවස්ථාවක් උදා වී ඇති බවය. වසර 5ක විවේකයකින් පසුව නැවත වරක් පසුගිය වසරේදී නැවතත් බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වූ අයිශ්වර්යා රංගනයෙන් එක්වුණ පළමු චිත්රපටයම අසාර්ථක එකක් බවට පත්විය.
කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ 'සර්බ්ජිත්' චිත්රපටය ආදායම් උපයා ගැනීම අතින් කුමන ස්ථාවරයක පසුවුවත් අයිශ්වර්යා මෙහි නිරූපණය කරන රංගනය ඉතා ඉහළ මට්ටමක පවතින බවය.