අයිස් සිද්ධිය:DIG රන්මල්ගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි


(සුජිත් හේවාජුලිගේ)

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් අද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කෙරුණු දැනුම් දීමක් අනුවය. 

කොඩිතුවක්කු මහතා මෙසේ පෙනී සිටියේ රුපියල් කෝටි 800කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 472ක් අඩංගු කන්ටේනරයක් කොළඹ වරායේ තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු නිලධාරීන් හය දෙනකු ස්ථාන මාරු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.