අරණායක අවතැන්වුන්ගේ කඳුළු කතා


‘17 වැනි දා  හැන්දෑවේ කඩයට  යන්න පාරට  බැස්සා  විතරයි. කන්ද ඉහළින් මහ සද්දයක්  ඇහුණා. ඒ පැත්තට හැරී උඩ බැලුවාම මහ පස් කන්ද වතුර  පාරත්  සමඟ වේගයෙන්  පහළට  එනවා  දැක්කා. අපේ  ගේ  තිබුණූ  තැනවත් පෙනුණේ  නෑ.’

අරණායක සාමසර කන්දේ ගෙදරක සිටි සිව් දෙනාගෙන් පණ බේරා ගත්  තරුණයාගේ  කතාවයි ඒ. ඔහු ඒ.එම්.එස්.ශාන්ත කුමාර (30) අවතැන් කඳවුරක දී  ඔහු එසැණට  හමුවිය. මව , පියා සහ අක්කාගේ දුව පස් කන්දට  යට වු  බව දුටුවේය. ඔවුන් වෙනුවෙන් හඬන්නට  ඔහුගේ දෑසේ තවත්  කඳුලු නැත. ඔහු දිග සුසමක්  හෙළීය.

2aa7d16cd8c60754ad9d0b50936e3fe5abf190e964d11401bf84fe0baffd6a0e_full

ශාන්ත කුමාර