සූර්යා පෘථිවියට ආසන්නයෙන් ගමන්කිරීම නිසා මේ දිනවල ලෝකයේ බොහෝ රටවල උෂ්ණත්වය සැළකිය යුතු ලෙසින් ඉහළ ගොස් ඇත. එහෙත් ස්වභාවයෙන්ම උෂ්ණාධික කලාපයක් ලෙසින් සැළකෙන අරාබි උප මහාද්වීපයේ පසුගියදා දකින්නට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනත් කාලගුණික තත්ත්වයකි. කාලතුරකින් වැසි ඇදහැළෙන අරාබි රටවල් බොහෝමයකට පසුගියදා කඩින් කඩ වැසි ඇදහැළුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් එම රටවල උෂ්ණත්වය සැළකියයුතු ලෙසින් පහළවැටුණි.
කටාර් රාජ්‍යයේ ප්‍රදේශ බොහෝමයකට වැසි ඇදහැළෙන අයුරු සහ එම වැස්ස නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ගොස් තිබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.