අල්ලස් කොමිසමෙන් සජින්ට තවත් නඩුවක්


මිහින් ලංකා සමාගමට මහින්ද රාජපක්ෂ රජය සමයේ පීබීඑල් ඉන්ටර් පෞද්ගලික සමාගමෙන් මිල ගණන් නොකැඳවා රුපියල් මිලියන 883ක බිම් මෙහෙයුම් යන්ත්‍ර ගෙන්වීමෙන් රජයට පාඩු කළැයි එහි ප්‍රධාන විධායක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට අල්ලස් හෝ දූෂණ කොමිසම අද (16) නඩු පැවරීය.

කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබන 20 වැනිදා ඔවුනට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළාය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

IMG_2891