අලි පවුලම වගා ළිඳේ


(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වලි අලි හතරදෙනකු බේරා ගැනීමට  වවුනියාව වනජිවි නිළධාරීන් විසින් පියවර ගනු ලැබීය.

වවුනියාව වනජිවි නිළධාරීන් පැවසූවේ විශාල අලි දෙදෙනකු හා අලි පැටවුන් දෙදෙනකු ළිඳකට වැටී ඇති බවට ලද තොරතුරක් මත අදාල ප්‍රදේශයට ගොස් එම වල්අලින් බේරා ගැනීමට හැකිවු බවයි.

බැකෝ යන්ත්‍රයකින් ළිඳේ කොටසක් කපා අලි ගොඩ ගැනීමට කටයුතු කළ බවද වනජිවි නිළධාරීන් සඳහන් කළහ.

වනජිවි නිළධාරීන් පැවසූවේ ආහාර සොයා පැමිණි අලි රංචුව 26 වැනිදා රාත්‍රියේ වගා ළිඳට වැටෙන්නට ඇති බවට සැක කරන බවයි.

ගවයින් බැලීමට ගිය පිරිසක් පළමුව අලි රංචුව ළිඳට වැටී ඇති බව දැක වව්නියාව වනජිවි නිළධාරීන් දැනුවත් කොට තිබිණ.