අලි ප්‍රශ්නයට තාවකාලික විසඳුමක්


අධිකරන නියෝග මත වනජීවී භාරයට ගත් අලින් පෙරහැර සදහා  නිදහස් කරන්නැයි කියමින් අඟහරුවාදා (09) මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ ඇරඹූ සත්‍යග්‍රහය මධයම පළාත් ආණ්ඩුකාරතුමියගේ මැදිහත්වීම මත තාවකාලිකව අවසන් කළ බව හීලෑ අලි ඇතුන් සුරකීමේ සංවිධානයේ ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියෝ අද (10) පැවැසුහ.

අධිකරන නියෝග මත වනඡිවී භාරයට ගත් අලීන් 39 දෙනෙක් වනඡිවී මධ්‍යස්ථාන වල රදවා තබාගෙන සිටින බවත් එයින් වැඩි දෙනෙකු නීත්‍යානුකූල අලින් බවත් වනඡිවී භාරයට ගත් අලීන් නැවත අලි හිමිකරුවන්ට භාර දෙන බවට ලිඛිත ව පොරොන්දුවක් ලබා නොදෙන්නේනම් පෙරහැර සදහා අලීන් ලබා නොදෙන බව කියමින් මෙම උද්ඝෝෂණය අරඹා තිබුණි.

IMG_9635 unnamed vlcsnap-2016-08-09-02h08m53s45