අලුත් බාබා එක්ක 'අර්පිතා' රවුම් ගහලා


සල්මාන් ඛාන්ගේ නැගෙණිය වන ආර්පිතා ඛාන් සිය අලුත් උපන් දරුවා හා සැමියා සමගින් මේ දිනවල ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.  ආර්පිතා සිය Instagram ගිණුමේ මේ පිළිබඳව සටහනක් තබමින් පවසා ඇත්තේ සිය සැමියා ආයුෂ් හා අලුත උපන් දරුවා %අහිල්^ සමගින් විවේකයෙන් ගත කිරීමට මෙසේ නිව්යෝර්ක් නගරයට පැමිණ ඇති බවයි.

මොවුන් තිදෙනාට අමතරව ආයුෂ් ෂර්මාගේ මාපියන්ද නැදෑහිත මිතුරන් කිහිප දෙනෙකුද මෙම ඇමෙරිකානු ගමනට එක්ව සිටින බව ඇය මෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ආර්පිතා හා ආයුෂ්ගේ මාපියන් සමගින් නිව්යෝර්ක් නුවර සුපිරි අවන්හලක රාත්‍රී භෝජනය ගන්නට සූදානම් වන ආකාරය ඡායාරූපයක්ද ඇය මෙසේ සිය Instagram ගිණුමට එක් කර තිබුණි. ලැබෙන තොරතුරු වලට අනුව ඇය හා පවුලේ සැම සති කිහිපයක් මෙසේ ඇමෙරිකාවේ රැඳී සිටීමට අදහස් කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ. 


20160525Salman-1 20160525Salman-3 20160525Salman-4 20160525Salman-5