අවිස්සාවේල්ලේ නිවසක නේපාල කතුන් 18ක්


ගෘහ සේවිකාවන් ලෙස වෙනත් රටවලට යැවීම සදහා බලහත්කාරයෙන් රදවා ගෙන සිටි බව කියන  නේපාල ජාතික කාන්තාවන් 18 දෙනෙකු අවිස්සාවේල්ල කර්මාන්තපුරය ආසන්නයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන දෙපාර්මේන්තුවේ නිරික්ෂණ බුද්ධි හා විමර්ෂණ ඒකකයේ නිලධාරීහු පිරිසක් සමත්වූහ.

නේපාලයේ කාන්තාවන් වෙනත් රටවල ගෘහ සේවයට යැවීම තහනම් බැවින් එම කාන්තාවන් මෙරටට ගෙන්වාගෙන මෙහි රදවා තබා ගෙන වෙනත් රටවල් සදහා ගෘහ සේවයට යැවීම නේපාල ජාතික කාන්තාවක් විසින් කලක සිට සිදු කරගෙන ගොස් ඇති බවද  එම දෙපාර්තමේන්තුව කියයි.