අවුරුදු කුමාරි වුණාට පස්සෙ මට කිරි පැණි ඉතුරුණා


20160412Samadi_1අවුරුදු කුමාරි තරගය හරහා පුංචි තිරයට, රිදී තිරයට පෑයූ ඒ තරු අවුරුදු කුමාරි තරගයට මුහුණදුන්නු ආකාරය සහ එමගින් කලා ක්ෂේත‍්‍රයට පිවිසි ආකාරය පිළිබඳව සමාධි අරුණඡායා පැවැසුවේ මෙලෙසිනි.

පුංචි කාලෙ ඉඳන් අවුරුදු කුමාරි තරගෙට ගොඩක් ආසයි. වයස සම්පූර්ණ වෙනකම් තමයි බලාගෙන හිටියෙ අයදුම් කරන්න. කොහොම හරි ්රැුඛ කළා විතරයි තරගයට සහභාගි වුණා.

ලංකාවෙන්ම අයදුම්පත් කැඳවලා තිබුණෙ. ඒ අතරින් 100ක් ඡුායාරූපවලින් තෝරගෙන තිබුණා. ඒ අතරින් අවසන් වටයට 24ක් තෝරගෙන තිබුණෙ.

2010 අවරුද්දෙ ලංකාවෙ විශේෂ අවුරුද්දක් වුණා. යුද්ධෙත් අවසන්වෙලා තිබුණ නිසා.

මේ අවුරුදු උත්සවය තිබුණෙත් වීරකැටිය රාජපක්ෂ ක‍්‍රීඩාංගනයෙ.

අවුරුදු කුමාරි තරගය සඳහා චීත්ත ගවුම්, උඩරට ඇඳුම සහ කෝට් කිට් එක තමයි ඇන්දෙ.

අවසන් තරගය සඳහා 24 දෙනාගෙන් 12 තෝරගත්තා. ඒ ආපු පිළිවෙලට තමයි පළමු ස්ථානය දක්වා පැමිණියෙ. ඒ හැමෝටම තෑගි තිබුණා.

මමත් මේ තරගයට සහභාගි වුණේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව. ඉතින් මට ඒ අවස්ථාව ලැබුණා. මට ප‍්‍රථම ස්ථානය ලැබෙයි කියලා හිතුවෙ නෑ. ඒ වගේම ජයග‍්‍රහණය කරලා මේ විදියට රංගනයට පිවිසෙන්නවරම් ලැබෙයි කියලා කොහෙත්ම හිතුවෙ නෑ. අවුරුදු කුමාරි ජයග‍්‍රහණය කරන්න තමයි ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ.

ඉතින් 2010 අවුරුද්ද මට කිරියෙන් පැණියෙන් ඉතිරුණා. ලොකු ජයක් ලබලා. ඒ හරහා මට රංගනයට පිවිසෙන්න වරම් ලැබුණා. මගෙ පළමු නාට්‍ය තමයි ”මලී” ඇත්තටම මලී හරහා මට ලොකු ජනප‍්‍රියත්වයක් ලැබුණා. ඒ ගැන මට ගොඩක්ම සතුටුයි. 2010 බක්මහේ අවුරුදු කුමාරි වෙන්න ලැබුණා වගේම ජීවිතේම කිරියෙන් පැණියෙන් ඉතිරුණා වගේ තමයි හිතට දැනෙන්නේ.

ධනු විජේරත්න - සඳැල්ල / ඡායාරූප - අන්තර්ජාලයෙන්