පානදුරයේ ෆොන්සේකා පාරේ අංක 58 නිවසේ පදිංචි නව හැවිරිදි චලනි සොයිසා දැරිය දකුණු ඉන්දියාවේ චෙන්නායි මියොට් රෝහලේ දෙවැනි හදවත් සැත්කමට ලබන 6 වැනි දා පිටත් ව යෑමට නියමිතය. ඇගේ පියා වන එච්.ජී. නාලක සොයිසා මහතා අදත් (01) ලංකාදිප කාර්යාලයට පැමිණියේය. පරිත්‍යාශීලිනට පිං දෙමින් ඔහු පැවසුවේ චෙන්නායි රෝහලේ සැත්කම සඳහා උදව් කළ සියලු දෙනාටම පිං දෙන බවයි. lankadeepa.lk වෙබ් අඩවිය,අද සහ ඩේලිමීරර් ලංකාදීප පාඨකයන්ගෙන් රුපියල් හත් ලක්ෂයක් ලැබුණු බව ද ඔහු කියයි.
ඇගේ හදවතේ පළමු සැත්කම ඇය කුඩා කාලයේම සිදු කළ චෙන්නායි රෝහලේ විශේෂඥ වෛද්‍ය දොස්තර කේ ශිවකුමාර් උපදෙස් දී ඇත්තේ දෙවැනි සැත්කම වහාම කළ යුතු බවයි. එම සැත්කම දැනටම පමා වී ඇතැයි ද ඇගේ දෑත් වල එම ලකුණු ඇතැයි ද ඇගේ පියා කියයි. ශ්‍රී ලංකාවේ මෙවැනි සියුම් සැත්කමක් කිරීමේ දී බොහෝ සංකූලතා ඇති වන හෙයින් චෙන්නායි රෝහලේ එය කළ යුතු බව වෛද්‍ය මතය වී ඇත. කොළඹ සමාගමක සුළු සේවකයෙකු වන නාලක සොයිසා පවසනුයේ මුල් සැත්කමට හිතවතුන් හා පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණූ සහායෙන් තම දරුවා ජීවතුන් අතර සිටින බවයි.සැත්කමින් පසු ඔවුන්ට තවත් සතියක් එහි රැදී සිටීමට සිදුවන බවයි.
චෙන්නායි නුවර සැත්කම් ගාස්තුව වන රුපියල් හත් ලක්ෂයක් අමතරව ගුවන් ටිකට් පත් තුනට රුපියල් 93200ක් ද තෙසතියක් චෙන්නායි නුවර නැවතීම සඳහා වියදම් ද අවශ්‍ය බව නාලක සොයිසා පවසයි.
ලංකා බැංකුවේ පානදුර ශාඛාවේ එච්.පී නාලක සොයිසා නමින් ඇති 8124458 බැංකු ගිණුමට හෝ සම්පත් බැංකුවේ පානදුර ශාඛාවේ 102657129083 ගිණුමට ආධාර යොමු කරන ලෙස ඔහු ආයාචනා කරයි. ඔහුගේ ලිපිනය අංක 58, ෆොන්සේකා පාර , පානදුරය. 071 4758595 ඔහුගේ ජංගම දුරකතන අංකයයි.