දින කිහිපයකට පසු අනුරාධපුරයේ යහපත් කාලගුණයක් පවතින බවත් පසළොස්වක පොහොය දින වනවිට සියල්ලම යථා තත්ත්වයට පත්විය හැකි බවත් අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා කියයි.
අනුරාධපුරයේ පදිංචි හා අනුරාධපුරයට එන ආගන්තුකයනට ඔහු අවවාද කරනුයේ වැව් අමුණු හා ගංඟා ජලය පාවිච්චි කිරීමෙන් වළකින ලෙසයි. එම ජලයේ නොයෙකුත් අහිතකර ද්‍රව්‍ය ඇති හෙයින් කිසිසේත්ම බීමට නොගන්නා ලෙස ඔහු උපදෙස් දෙයි.
ගංවතුරින් අවතැන්වූ පවුල් 524ක 1881ක් රාජාංගණය හා මහවිලච්චියේ අවතැන් කඳවුරු හතරක සිටිති.