ආක්ෂේට සතුටුයිලු දැන්


තිරගතවී දින කිහිපයක් ගෙවී යන්නට මත්තෙන් 'හවුස්ෆුල්' තුන්වැනි චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගැනීම හේතුවෙන් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ආක්ෂේ කුමාර් දැඩි ලෙස සතුටට පත්ව සිටින බව 'සන්ටා බන්ටා' වෙබ් අඩවිය සඳහන් කර සිටිනවා. චිත්‍රපටය තිරගත වීමට පෙර සිටිම අනාවැකි පළ කරමින් ආක්ෂේ පවසා තිබුණේ මෙම චිත්‍රපටය ඉතා ඉක්මනින් ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගනු ඇති බවයි.

කෙසේ වෙතත්, ඉන්දියාවේ පමණක් තවමත් මෙම චිත්‍රපටය උපයා ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 85කට ආසන්න මුදලක්. මෙය ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් මේ වනවිට උපයා ගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 112ක මුදලක්. ආක්ෂේ මේ වසරේ රංගනයෙන් දායක වූ දෙවැනි චිත්‍රපටය මෙය වන අතර, ඔහුගේ පළමු චිතප්‍රටය වූ 'එයාර්ලිෆ්ට්' චිත්‍රපටයද ඉන්දීය රුපියල් කෝටි 112ක ආදායමක් උපයාගනු ලැබීය. ආක්ෂේගේ මිළඟ චිත්‍රපටය වූ 'රස්තම්' චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 12 වැනිදාය. විචාරකයන් පවසන්නේ එම චිත්‍රපටයද මෙවැනිම විශාල ආදායමක් උපයාගනු ඇති බවයි.