ආතියා, ඇමී හොඳ මිතුරන්


2016-05-19-ENT-74

"හීරෝ" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පැමිණි ආතියා ෂෙට්ටි මේ දිනවල චිත්‍රපට කිහිපයක රූපගත කිරීම් සඳහා එක්ව සිටියි. ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය වන ආතියා මෑතකදී එක්වූ සිනමා පුවත්පතකට පවසා ඇත්තේ තමාට හොඳ සිනමා මිතුරියක් ලැබි ඇති බවය. ඒ බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ ඇමී ජැක්සන් බව ඇය මෙහිදි වැඩිදුරටත් පවසා තිබේ. ආතියා, ඇමී මිතුදම ආරම්භ වී ඇත්තේ මීට මාස කිහිපයකට බවත් ඔවුන් දෙදෙනා ඉන්දියාවේ පැවති ප්‍රකට විලාසිතා දැක්මකදී හමුවී මෙසේ මිතුරියන් බවට පත්වූ බවත් ආතියා පවසා ඇත. දිනකට කිහිප වරක් ඔවුන් දුරකතන මාර්ගයෙන් සැපදුක් විමසන බවත් මෑතකදී ඔවුන් දෙදෙනාගේ මිතුදම සැමරීම වස් මොරොක්කෝවේ දින කිහිපයක සංචාරයක යෙදුණ බවත්, ආතියා මෙම පුවත්පතට සඳහන් කොට තිබේ. වාර්තා වන අන්දමට ආතියා මොරොක්කෝ රාජ්‍යයේම සංචාරය කරන්නට තෝරා ගෙන ඇත්තේ ඇමි පසුගිය දිනවලදී "2.0" කොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුත්තක් සඳහා එහි ගොස් සිටි නිසා බව සඳහන් වේ.

 

2016-05-19-ENT-73