ආදාහනයට කලින් ගිනි දැල්


සේරුවිල රජමහා විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාල සේරුනුවර සරණකිත්ති අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අතරමග දී ගිහියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත් අතර එය සංසිඳවීමට පොලිසියට සිදු විය.

සේරුවිල චෛත්‍ය වර්ධන සමිතිය වෙනුවෙන් මහාචාර්ය විමල් විජේරත්න මහතා කතා කරමින් සේරුවිල රජමහා විහාරයේ මීලඟ අධිපතිත්වය චෛත්‍ය වර්ධන සමිතියට සම්බන්ධ හිමිනමකට ලැබිය යුතු යැයි කීවේය. අධිකරණයේ ද නඩුවක් පවතින මෙම සිද්ධිය ගැන ගිහියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූයේ  ඒ ප්‍රකාශයත් සමඟය.

ආදාහන පූජෝත්සවයේ කටයුතු මෙහෙය වීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් පත් කැරුණු කමිටු සභාපති සේරුනුවර ප්‍රාදේශීය ලේකම් පී.ආර්. ජයරත්න මහතා ඉන් පසු ගිහි කතා නතර කැර සංඝරත්නයෙන් ඉල්ලා සිටියේ දේහය චිතකයට ඇතුළු කර ආදාහන පූජෝත්සවයේ සෙස කටයුතු කරන ලෙසයි.

ඒ අනූව පස්වරු 6 ට පමණ චිතකයට ගිනි දැල්විණි.කොටපළ අමරකිත්ති හිමියෝ ඇති වූ මෙම සිද්ධිය ගැන අපවත් වූ අනුනායක හිමියන්ගෙන් ද, සංඝරත්නයෙන් ද, දායකාරකාධීන්ගෙන් ද සමාව ඉල්ලා සිටියහ.

ආදාහනය සිදු වූයේ මංගල රජමහා විහාර ආදාහන මළුවේදීය.   

DSC05090 DSC05096 DSC05116 DSC05123 DSC05134 DSC05160 DSC05164 DSC05170 DSC05176 DSC05177 DSC05179 DSC05188