ආදි සිසු ලොක්කෙක් ගුරුවරයකුට ගහලා


ගුරුවරයකුට පහර දුන් බව කියන පානදුර පාසලක ආදි ශිෂ්‍ය සංගම් ලේකම් වරයකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් එම පාසලේ ගුරුවරු ඉගැන්වීම් වලින් ඉවත් වූහ.

ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙස ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පොලිසියෙන් ඉල්ලයි.