ආධාර ඉල්ලා එන අයගෙන් පරිස්සමෙන්


ස්වභාවික විපත් වලින් අවතැන්වූ පිරිස්වලට ලබාදීමට ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  හා පොලිසියේ නම් සදහන් කරමින් ආධාර එකතු  කරමින්  සිටි පිරිසක් අත්අඩංගුවට  ගැනීමට  යද්දී  ඔවුහු පළා ගොස්  ඇතැයි  පොලිසිය කියයි.

මෙවැනි  වංචා වලට  හසු නොවන ලෙස පොලිසිය හා ආපදා කළමනාකරණ ඒකකය මහජනතාවගෙන්  ඉල්ලා සිටියි.

ප්‍රාදේශිය ලේකම්  කාර්යාලය හා  දිසාපති  කාර්යාලය මගින්  අවතැන්  වුවනට  ආධාර දීමේ  හොඳම ක්‍රමය බව රජය පවසයි.