ආබාධිත රණවිරුවෝ දුක කියති


යුද්ධයේදී අත් පා අහිමිව ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ට දිවි ඇති තෙක් සිය මාසික වැටුප ගෙවන ලෙසට සමස්ථ ලංකා ආබාධිත රණවිරු එකමුතුව රජයෙන් ඉල්ලා සිටියි.

සමස්ථ ලංකා ආබාධිත රණවිරු සංසදයේ මාධ්‍ය ප්‍රකාශක කේ.ඒ ප්‍රියන්ත මහතා,

“වයස අවුරුදු 55 ඉක්ම වු පසු තමයි අපේ අබල දුබල කම් වැඩිවෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන, ඇතුළු දහසකුත් ගැටළු, බෙහෙත් හේත් වෙනුවෙන් විශාල මුදලක් වැයකරනවා ඉතින් කොහොමද විශ්‍රාම වැටුප අරගෙන අපි ජීවත්වන්නේ  අපිට වෙන අය වගේ ස්වං රැකියාවක් කරන්න වෙනත් රැකියාවක් කරන්න බැහැ. අබාධිත අය දැනටත් කොහෙට හරි ගියාම අපට දක්වන සැලකිල්ල ගැන හරිම දුකක් ඇතිවෙනවා.”

ranaviru