තමන්ට නීතියෙන් හිමිවිය යුතු ආබාධිත දීමනා ලබා දීමට නියෝග කරන ලෙස ඉල්ලා ආබාධිත සෙබලූන් පිරිසක් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට නම්කර සිටින ආරක්ෂක ලේකම් ඇතුළු පිරිසකට මැයි 12 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.
පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
තමන් පසුගිය යුද සමයේදී ආබාධිත තත්ත්වයට පත්වී වෛද්‍ය නිර්දේශ මත විශ්‍රාම ගැන්වූ බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
එහෙත් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන මත තමන්ට හිමිවිය යුතු ආබාධිත දීමානා මෙතෙක් ලැබී නොමැති බවද ඔවූහු කියා සිටිති.