ආලියා, ෂාරුක් එක්ක දාපු සෙල්ලම් ඉවරයි


නවපරපුර අතර වඩාත් ජනප්‍රිය බොලිවුඩ් සිනමා තාරකාවක් වූ ආලියා භාට් සහ බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් දෙදෙනා රංගනයෙන් එක්වූ බොලිවුඩ් චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් මේ වනවිට අවසන්ව තිබෙන බව සඳහන්. මේ වසරේ ජනවාරි මාසයේදී ආරම්භ වූ මෙම චිත්‍රපටයේ රූපත කිරීම් මේ මස  මස 22 වැනිදින අවසන් වූ බව එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන ගෞරි සින්දේ සිය 'ටිවිටර්' ගිණුමෙහි සඳහන් කර තිබෙනවා.

තවමත් නමක් යොදා ඇති මෙම චිත්‍රපටය වෙනස්ම ආරේ කතා පුවතක් රැගත් බොලිවුඩ් චිත්‍රපටයක් බව සඳහන් වේ. මෙම චිත්‍රපටය ලබන වසරේ තිරගතවීමට නියමිතයි. ආලියා භාට් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ 'උද්තා පන්ජාබ්' හි ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ වී සිටියි. එම චිත්‍රපටය එළැඹෙන ජූනි 17 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි. මෙහි ඇය සමගින් ෂාහිඩ් කපූර් හා කරීනා කපූර් රංගනයෙන් එක්වී සිටිනවා.