ඇඟ කෙට්ටු කිරීමට දුම් පානය කරන මිලා


2016-07-24-ent-01

හොලිවුඩ් නිළි මිලා කුනිස් ඇඟ කෙට්ටු කර ගන්න අමුතු ක්‍රමයක් භාවිත කරනවාලු. සාමාන්‍ය‘යෙන් ඇය දුම් පානය කරන අතර, ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඇඟ කෙට්ටු කිරීම සඳහා දුම් පානය කරන බව සඳහන්. ඉදිරියේදී රංගනයෙන් දායක වීමට නියමිත චිත්‍රපටයක් සඳහා ඇය මෙසේ ඇඟ සිහින් කිරීමට උත්සහ කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඇය කිසිදු පෝෂණවේදියෙකුගෙන්වත් මේ සඳහා උපදෙස් නොගෙන මෙවැනි ක්‍රියාමාර්ගයක් භාවිතා කිරීම ගැන ඇගේ සැමියා වන ඇස්ටන් කචර්ගේද රුචිකත්වයක් නැතැයි සඳහන් වෙනවා.