ඇමැති රොෂාන් - අර්ජුන රණතුංග ආදර්ශයක් දෙති


මහනුවර පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් ක්‍රීඩා සභා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගිවීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන් අමාත්‍යාංශ නිල රථ භාවිතා නොකොට දුම්රියෙන් මහනුවරට පැමිනීම විශේෂ සිදුවීමක් විය.

එම උත්සවයට සහභාගි වීම සඳහා අමාත්‍යවරයා සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා පෙරේදා (07) කොළඹින් පිටත් වූ පොඩි මැණිකේ දුම්රියෙන් එදින පෙරවරුවේ මහනුවරට ළඟා විය.

ජනාධිපතිවරයා ගේ දැක්මට අනුව රාජ්‍ය වියදම අවම කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඔවුන් එසේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමින් මහනුවරට පැමිණි බවයි පවසා සිටියේ.

ෂේන් සෙනෙවිරත්න