ඇමෙරිකන් විද්‍යාඥයන්ගෙන් අසූචි බැංකුවක්


විද්‍යාඥයන් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයෙන් සියලූ දේ සිදුකළහොත් ඔබගේ මල ජිවිතේ කුමන හෝ අවධියකදී භාවිතයට ගැනීම සඳහා අයිස් මත තැන්පත් කිරීම සම්මතයක් විය හැක.

පෙකණි වැල ලේ සාම්පල ලේ බැංකුවක තැන්පත් කරන්නා සේ මල සාම්පල තැන්පත් කිරීම සඳහා බැංකුවක් පිහිටුවීමට ආහාර මාර්ග පද්ධතියේ කායික සහ මානසික ක‍්‍රියාකාරීත්වය පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන් කණ්ඩායමකට අවශ්‍ය වී ඇත.

මලවල තිබෙන හිතකර බැක්ටීරියා අන්ත‍්‍රයට බද්ධ කිරීමකදී පෙකණි වැල ලේ බද්ධ කිරීමකට වඩා වාසියක් තිබෙන බව විද්‍යාඥයෝ පවසති.එය ආහාර මාර්ග පද්ධතියේ ක‍්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට හේතුවන බව විද්‍යාඥයන් පැවසුවේය.මෙම බද්ධ කිරීම එෆ්.එම්.ටී ලෙස හඳුන්වනු ලැබේ.

ප‍්‍රාථමික සෙල වලින් පොහොසත් පෙකණි වැල රුධිරය සමහර පිළිකා, ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ඌනතා සහ ඇතැම් ජානමය ආබාධ සඳහා ප‍්‍රතිකාර කිරීමට භාවිතා කළ හැක.

නමුත් මලවල තිබෙන හිතකර බැක්ටීරියා අන්ත‍්‍රයට බද්ධ කිරීම මගින් ඇදුම, දියවැඩියාව සහ මොලයට මෙන්ම සුෂුම්නාවට බලපාන එම්එස් නමින් හඳුන්වන ස්නායු අබාධ තත්ත්වයක් සඳහා ප‍්‍රතිකාර කිරීමට අනාගතයේ යොදා ගත හැකි වෙතැයි විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

එසේම මලවල තිබෙන හිතකර බැක්ටීරියා බද්ධ කිරීම මගින් අනාගතයේ තරබාරුව සහ වයසට යාම පමා කිරීම සඳහා ප‍්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති.

හාවඞ් වෛද්‍ය විද්‍යාලයේ දොස්තර යැන්ග් යූ ලිං ප‍්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් මෙම යෝජනාව සිදු කර ඇත.එෆ්.එම්.ටී දැනටමත් ආහාර මාර්ග පද්ධතියේ බැක්ටීරියා අසාදන වලට ප‍්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනු ලබයි.

බද්ධ කිරීම සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ නාසය හරහා සෘජුවම ආමාශයට ඇතුළු කරන ලද නලයක් මගිනි. නමුත් බැක්ටීරියාව ශල්‍යකර්මයක් මගින් හෝ පෙත්තක් හරහා බඩවැලේ සෘජුවම තැන්පත් කළ හැක.

බද්ධ කිරීමට ලබා ගන්නේ රෝගාබාධයක් නොමැති බව සහතික කිරීම සඳහා බොහෝ සෞඛ්‍ය පරීක්ෂණ වලට මුහුණ දී  නිරෝගී යැයි සහතික කරන ලද  අයෙකුගේ මල සාම්පල පමණි.

බි‍්‍රතාන්‍යයේ පරිත්‍යාගශීලියෙකුට ලබා දෙන සාම්පලයක් සඳහා පවුම් 10 මුදලක් (රුපියල් 4500 ක් පමණ) සහ ඇමෙරිකානුවකුට ඇමෙරිකන් ඩොලර් 50 ක මුදලක් (රුපියල් 18,000 ක් පමණ) ලබා ගත හැක.

(විමුක්ති එස් රුද්‍රිගු)