(ප්‍රසාද් රුක්මල්)

කොස්ලන්ද රණසිංහගම රානිවත්ත ප්‍රදේශයේදි මාර්ගයෙ ගමන්කරමින් සිටි කාන්තාවක් මතට අද (5) දහවල් පස්කන්දක් කඩාවැටීමෙන් ඊට යටවූ කාන්තාව තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුලත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි .

මෙසේ පස්කන්ඩියට යටවීමෙන් තුවාල ලබා ඇත්තේ කොස්ලන්ද රණසිංහගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක යැයි පොලිසිය කීය.

ඇය කිසියම් අවශ්‍යතාවක් සදහා බෙරගල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ඔස්සේ පාගමනින් ගමන්කරමින් සිටියදි පවතින වර්ශාවත් සමග මෙසේ රණසිංහගම රානිවත්ත ප්‍රදේශයේදි එක්වරම මර්ගය අසල කන්දේ පස්කන්ද මාර්ගයට කඩාවැටි කාන්තාව ඊට යටව් ඇති අතර, පසුව ඒ අසල මාර්ගයේ ඉදිකිරිම් කටයුතු කරමින් සිටි සේවක පිරිසක් විසින් ඇය නිරුපද්‍රිතව බේරාගෙන රෝහලට ඇතුළත් කර ඇතයි පොලිසිය සදහන් කළේය .