ඇමෙරිකානුවන්ට ඉන්දියාවෙන් යන්න කියයි


ඉන්දියාවේ සිටින සිය පුරවැසියන්ට වහාම එරටින් පිටවන්නැයි  සංචාරක උපදේශනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත්  ජනපද රජය දැනුම් දී තිබේ.

ඉන්දියාවේ ඇමෙරිකා එක්සත්  ජනපද තානාපති කාර්යාලය විසින් 4 වන මට්ටමේ සංචාරක සෞඛ්‍ය උපදේශනයක් නිකුත් කර ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සීමා කර ඇති බැවින් උග්‍රවන COVID-19 වසංගතය හේතුවෙන් “ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටව යන ලෙස” ඇමෙරිකා  තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

මෙහිදී සිය පුරවැසියන් වෙනුවෙන් විශේෂ ගුවන්සේවා පහසුකම් ක්‍රියාත්මක කිරීමට ද ඒක්සත් ජනපද රජය කඩිනම් පියවර ගෙන තිබේ.

( ගාඩියන් ඇසුරෙනි)