ඇඹිලිපිටි ඒඑස්පීට ඇප දෙනවාද නැද්ද තීන්දුව කල් යයි


ඇඹිලිපිටි පොලිසිය හා නගරයේ සාදයක දී  ඇති වු ගැටුමක දී  මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ (29) මරණය සම්බන්ධයෙන් සැකපිට  අත්අඩංගුවේ සිටින සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.ඩී.සී.ධර්මරත්නට  ඇප නියම කරනවාද නැද්ද යන්න තීන්දුව ජුනි 02 වැනි දා ප්‍රකාශ කරන බව ඇඹිලිපිටි මහාධිකරණ විනිසුරු කුමාරි  අබේරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

ඇප ඉල්ලමින් විත්තිය ඉදිරිපත් කර තිබූ පෙත්සම අද (25) යළි කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් යමකුගේ පුද්ගලික නිදහස සීමා කළ හැක්කේ නිසි අධිකරණයක් දුන් නිසි නියෝගයකට අනුව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (2) වගන්තියේ සඳහන් වී ඇතැයි ද ඒ අනුව මෙය නිසි අධිකරණය වුවත් තම සේවාදායකයා රිමාන්ඩ්භාරයට පත්කොට ඇත්තේ නිසි නියෝගයකින්ද යන්න හෙළිකළ යුතු බව පැවසීය.

පැමිණිල්ලේ සාක්කි අනුව මරණකරු අඩි දොළහ හමාරකට ඉහළින් බිම වැටුණා නම් අනිවාර්යයෙන්ම තැලීම් තුවාල සිදුවිය යුතු බවද මුල් වෛද්‍ය වාර්තාවේ එම කරුණු නොමැති හෙයින් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වූයේ යැයි ද කී නීතිඥවරයා ඒ හේතුවෙන් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පැමිණිල්ල විරුද්ධ වූ බවද කීවේය.

IMG_2214-Copy IMG_2216-Copy

1 2 viber-image