ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් රහස් පොලිස් විමර්ශන අවසන් කර එහි පිටපත වැඩිදුර උපදෙස් පතා නීතිපතිවරයා වෙත යවා ඇති බවත් උපදෙස් ලද වහාම එම වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක තිලක්නන්ද මහතා අද (18) ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් නිල්මිණී විතාරණ මෙනවිය හමුවේ පැවසුවාය.
අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා නිවාඩු නිසා ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ නඩුව කැදවිණි.
ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මේ සම්බන්ධයෙන් සැකපිට මාස තුන හමාරක් තිස්සේ රිමාන්ඩ් භාරයේ පසුවෙයි. කුරුවිට බන්ධනාගාරයේ සිට සැකකරු අධිකරණය වෙත ගෙනෙනු ලැබීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අනූජ පේ‍්‍රමරත්න මහතා කරුණු දැක්වමින් මරණකරු ඉහළ මහලකින් බිමට පනිනවා දුටු බවට වු සාක්කිය යටපත් කොට තල්ලූකරන බවට දැක්කායැයි තුන්වන වරට දුන් වැරදි සාක්කියක් මත සැකකරුවෙකු රිමාන්ඩ් භාරයේ තබා ගැනීම නීති පද්ධතියටම කැළලක් බවත් අගතියට පත් පාර්ශවය දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම ඉතා කණගාටුදායක බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ පැවසුවේය.
පසුගිය ජනවාරි 04 දින රාත්‍රී ඇඹිලිපිටිය නව නගරයේ මෙන්ඩිස් ගොඩනැගිල්ලට යාබදව පිහිටි එම ගොඩනැගිල්ලේ අයිතිකරුගේ නිවසේ පැවති දැරියක මල්වරවීමේ සාදයකට පොලිසිය කඩා වැදි ඇතිවු ගැටුමකින් පසු සාදයට පැමිණ සිටි සුමිත් ප්‍රසන්න ජයවර්ධන (29) ගොඩනැගිල්ලේ පළමු මහලින් බිමට වැටී මිය ගියේ ය. ඔහු පළමු මහලින් බිමට වැටුණේ සැකකරු විසින් තල්ලූ කළ බවට සැකපිට බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දක්වා සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින් විමර්ශන සිදුකරන ලද්දේ ඇඹිලිපිටිය පොලිසිය විසිනි. එහෙත් සිද්ධියෙන් කෙටි කලකට පසු එහි විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙරුණි. පසුගිය නඩුවාරයේදී අතිරේක මහේසත්රාත්වරයා නියෝග කළේ රහස් පොලිස් විමර්ශන මෙම නඩු දිනය වනවිට අවසන් කර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
මරණකරුගේ පාර්ශවය හෙවත් අගතියට පත් අය පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නිතීඥ විජිත ජී පුංචිහේවා මහතා විමර්ශන වලින් අනාවරණය වන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අවශ්‍ය නැති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇතිබව කීවේ ය.
සැකකරු ලබන 25 වැනි දා දක්වා රිමාන් භාරයේ තබන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට නඩුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන ලෙස ද නියම කළේය.