(මහින්ද නිශ්ශංක)
හෙට (26) පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ජන්ද පෙට්ටි සහ නිලධාරීන් ප්‍රවාහනය කිරීම අද (25) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ජන්ද විමසීම සඳහා නිලධාරීන් 600 ක් පමණ යොදවන බවත් ජන්ද පෙට්ටි 500 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බවත් කොමිෂන් සභාව සදහන් කරයි.
ජන්ද මධ්‍යස්ථාන 48 කදී හෙට උදේ 7.00 සිට සවස 4.00 දක්වා පැවැත්වෙන මෙම ජන්ද විමසීමේදී ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ජන්දදායකයින් 55643 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.