මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර අද (17) විදි සංචාරය කළේය. රාත්‍රී අට පසු වී විනාඩි නවයට යෙදී තිබූ සුභ නැකතින් මහනුවර ශ්‍රි දළදා පෙරහර ආරම්භ විය.
නඳුන්ගමුවේ රාජා විසින් පෙරහර කරඬුව වැඩම කර වූ අතර මහනුවර දළදා මාලිගාවේ ඉන්දි රාජ සහ කතරගම වාසනා දෑල ගමන් කළේය.
ඊට අමතරව අලි ඇත්තු 80ක් පමණ මෙම පෙරහාර සහාභාගී වෙති. දළදා විදීය, යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, ඔස්සේ ගමන් ගන්නා පෙරහර රජවීදියෙන් ඉහලට පැමිණ ගෙවැදීමට නියමිතවය. ගැටඹේ තොටේ දී අද අලුයම දිය කැපිමෙන් පසුව හෙට 11.48ට දහවල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.