අපරාධ නිවාරණ රාජකාරියේ යෙදෙමින් මහරගම පොලිසියේ උප පරීක්ෂකවරයකු ගේ යතුරු පැදියේ පසුපස ගිය කොස්තාපල්වරයකු (21) බ්රේක් පහරට ඇද වැටී රෝහලේ දී මිය ගිය බව පොලිසිය කියයි.
පාර පනිමින් සිටි ඉත්තෑවකු බේරීම සඳහා තිරිංග තද කරද්දී යතුරුපැදිය පෙරැළී උප පරීක්ෂකද තුවාල ලැබීය.
නුගේගොඩ වැඩබලන මහේස්ත්රාත්වරයා අද සිද්ධිය වු ස්ථානයට යාමට නියමිතය.