ඉන්දියාව උතුරට අත දිගහැර ආධාර කරයි


යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු පළාතේ සංවර්ධනයට ඉන්දියාව ඇමරිකා ඩොලර් කෝටි 107 ක් පමණ ආධාර දී  ඇතැයි යාපනයේ ඉන්දියා කොන්සල් ජනරාල් ආර් නඩරාජන් කියයි.

කිලිනොච්චි, මුලතිවු, වවුනියා, මන්නාරම හා යාපනයේ නිවාස යෝජනා ක්‍රම, උතුරු දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම, වවුනියා රෝහලට ඇඳන් 200 ක වාට්ටු සංකීර්ණයක් ලබා දීම, කන්කසන්තුරේ වරායේ දිරා ගිය නැව් හා බෝට්ටු ආදිය ඉවත් කිරීම, ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර පිහිටුවීම, පලාලි ගුවන් තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීම, අච්චුවේලි කර්මාන්තපුරය පිහිටුවීම, කෘෂිකාර්මික සංවර්ධනය, යාපනය සරසවියේ ඉංජිනේරු පීඨය පිහිටුවීම ආදී යෝජනා ක්‍රම සඳහා මෙම ආධාර ලබා දී ඇත.